පරික්ෂාවේදී අඩුවක් හඳුනාගත්තා ඒ නිසා දඩ අය කරනවා - ගල්අඟුරු ප්‍රමිතිය ගැන නලින්ද කට අරී

Report

ශ්‍රී ලංකාවට ගෙන්වූ ගල්අඟුරු තොග සාම්පල පරීක්ෂාවේ දී අවශ්‍ය කරන කිලෝ කැරලි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගැනීමට හැකිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

කෙසේ වුවත් ප්‍රසම්පාදනය ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නැති බවත්, ඒ නිසා අදාළ ගල්අඟුරු තොගය ගෙන්වූ සමාගමට විරුද්ධව දෙගුණයක දඩයක් නියම කරන බවත් ඔහු පැවසුවා.

රටට නරක ආරංචියක් පද්ධතියට සැපයිය යුතු විදුලි ධාරිතාව පහළට - ආයෙත් රට අඳුරෙද?

රටට නරක ආරංචියක් පද්ධතියට සැපයිය යුතු විදුලි ධාරිතාව පහළට - ආයෙත් රට අඳුරෙද?

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, "ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාවට යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් වෙලා නෑ. ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා" යනුවෙන්.  

ශිරන්තිගේ නමට කෝටි 40ක නිවසක් - අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශන

ශිරන්තිගේ නමට කෝටි 40ක නිවසක් - අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශන

කෝ විශ්වාසභංගේ? මම දුවන් ආවේ එකට මූණ දෙන්න - ජනාධිපති අයින් කරගන්න බැරිවුණා දැන් මාව

කෝ විශ්වාසභංගේ? මම දුවන් ආවේ එකට මූණ දෙන්න - ජනාධිපති අයින් කරගන්න බැරිවුණා දැන් මාව