පාර්ලිමේන්තු නිලධාරිනියට සිදු වූ ලිංගික හිංසන සිද්ධියේ අවසන් පරීක්ෂණ වාර්තාව සභාගත කරයි
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (04) පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.
කථානායකවරයා විසින් සභා වාරයේදී මෙම වාර්තාව සභාගත කළ බව දැනුම් දුන් අතර, එය මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේද තබා ඇති බව සඳහන් වෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2025 ජූලි 25 දින පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව විසින් බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ අතර, එය සිදු කළේ විශ්‍රාමික මහධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසිනි.
එම විමර්ශනයේ අවසන් වාර්තාව 2025 නොවැම්බර් 24 දින කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබූ අතර, 2026 පෙබරවාරි 19 දින පැවැති පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ තීරණය අනුව එය සභාගත කිරීම සිදු වූ බවයි වාර්තා වන්නේ.