විදුලි බිලේ අවසන් තීන්දුව ගන්නේ ජුනි මාසෙලු

Report

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට අදාළ අවසන් තීන්දුව ජුනි මාසයේ මුල් සති දෙක තුළ ප්‍රකාශයට පත් කරන බවයි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් සියලු පාර්ශවවල අදහස් ලබා ගැනීමට මහජන උපදේශන පත්‍රිකාව ලබන 20 වනදා ප්‍රකාශයට පත් කරන බව, එහි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා කියා සිටිනවා.

විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව පසුගිය 16 වනදා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුනු අතර, ඒ අනුව 18.3% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා එම මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ, විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි. 

 

ලංවිම පාඩුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

ලංවිම පාඩුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්