අඛණ්ඩ වෛද්‍ය වර්ජනය ගැන අවසන් තීන්දුව අද

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සියලුම වෛද්‍යවරුන් ඇතුළත් කරගෙන වෙන්වූ "ශ්‍රී ලාංකික වෛද්‍ය සේවාවක්" ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින්, අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාම පිළිබඳ අවසන් තීරණය අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි.

එම සංගමයේ විධායක කාරක සභාව ඊයේ (27) රැස්වී ඊළඟට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ සාකච්ඡා කළ බවත්, මධ්‍යම කාරක සභාව අද උදේ 10.00ට රැස්වීමෙන් පසු වර්ජනයකට යනවාද නැද්ද යන්න තීරණය වන බවත් ඔහු කියා සිටියේය.

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

වර්ජනයකට යන පසුබිමේදී රෝගීන්ට තුන්දු නිකුත් නොකිරීම, පිටත රසායනාගාර පරීක්ෂණ සඳහා නිර්දේශ නොකිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය. මෙම තීරණය රජය සමඟ පැවති සාකච්ඡාවලදී ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ගන්නා බව සංගමය පෙන්වා දෙයි.

ඒ අනුව අද මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය. පසුගිය කාලයේදී දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජන ඇතුළු ක්‍රියාමාර්ග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කර ඇති අතර, රෝගීන්ට බලපෑම් ඇතිවීම හේතුවෙන් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතල චෝදනා එල්ල වී තිබේ.

අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි

අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි

මත්ද්‍රව්‍ය ජාලයේ ලොක්කෝ කැමැත්තෙන් බාර වෙන්න ලෑස්තියි - සුනිල් වටගල

මත්ද්‍රව්‍ය ජාලයේ ලොක්කෝ කැමැත්තෙන් බාර වෙන්න ලෑස්තියි - සුනිල් වටගල