කුඩුවෙන්න ගහලා! ඇඳුමත් ගලවගෙන!! හමුදා මේජර් රෝහලේ යකා නටයි

Nuwara Eliya Sri Lanka Hospitals in Sri Lanka
By Zara Mar 18, 2025 02:30 PM GMT
Zara

Zara

Report

නුවරඑලිය දිස්ත්‍රික් මහා රෝහලේ කලහකාරි ලෙස හැසිරි රෝහලේ සේවකයින්ට අසභ්‍ය ලෙස බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙකු නුවරඑලිය පොලිසිය විසින් අද (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගැනුණා.

සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගත කිරීම සඳහා නුවරඑලිය ප්‍රදේශයට පැමිණ බිමත්ව බිම වැටී සිටියදී තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි අවස්ථාවේ උඩුකය නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වැදි තිබෙනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න විසින් නුවරඑළිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන රෝහල තුලදීම ප්‍රතිකාර ලබාදීමටයි නුවරඑළිය පොලිසිය කටයුතු කර තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න සඳහන් කළේ, බීමත්ව බිම වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදු වී ඇති බවයි.

පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය තමන්ට ද මේජර්වරයා පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.

අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

හොර වැඩ කරන්න ගිය රාජ්‍ය නිලධාරිනියට වැඩ වැරදුනු හැටි

හොර වැඩ කරන්න ගිය රාජ්‍ය නිලධාරිනියට වැඩ වැරදුනු හැටි

මේවා තියෙනවනම් මෙහෙ රස්සා නෑ - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර

මේවා තියෙනවනම් මෙහෙ රස්සා නෑ - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර

ReeCha