හැරී පෝටර් කතුවරිය හර්මයිනිට පණ පෙවූ එමා වොට්සන් එක්ක වලියක්, හේතුව මෙන්න
'හැරී පොටර්' කතුවරිය වන ජේ.කේ. රෝලිං සහ ප්‍රධාන නිළි එමා වොට්සන් අතර 'ලිංගික අනන්‍යතාවය' සම්බන්ධයෙන් පවතින මතභේදය යළිත් උත්සන්න වී ඇති බව වාර්තා වේ.
මෙම ගැටුමේ ආරම්භය වූයේ 2020 වසරේදී රෝලිං විසින් ලිංගිකත්වය ජීව විද්‍යාත්මක යථාර්ථයක් බවට ප්‍රකාශ කිරීමත්, ඊට ප්‍රතිචාර වශයෙන් වොට්සන් ඇතුළු නළු නිළියන් ලිංගිකත්වය වෙනස් කළ පුද්ගලයන්ගේ අයිතිවාසිකම්ට සහාය පළ කිරීමත් සමඟින්.
කෙසේ වෙතත් මෑතකදී වොට්සන් පොඩ්කාස්ට් වැඩසටහනකදී මතවාදී වෙනස්කම් තිබුණද තමා රෝලිංට තවමත් ආදරය කරන බව සඳහන් කර තිබුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ජේ.කේ රෝලිං සැප්තැම්බර් 29 දින ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එහිදී ජේ. කේ රෝලින් විසින් වොට්සන් තම ධනය හා කීර්තිය හේතුවෙන් අඥාන වී ඇති බවට චෝදනා කරයි.
එසේම ජේ.කේ රෝලිං ජීව විද්‍යාත්මකව උපතින්ම ගැහැනු වූ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව ද සඳහන්.
ඇය වැඩිදුරටත් ලිංගිකත්වය වෙනස් කළ කාන්තාවන්, කාන්තා වැසිකිළි හෝ නවාතැන්පොළ වැනි 'කාන්තාවන්ට පමණක් වෙන් වූ අවකාශයන්ට' ඇතුළු වීම සීමා කළ යුතු බව කියා ඇත.