නාරාහේන්පිට ඇවිලෙයි, තුවාලකරුවන් කළුබෝවිල

Sri Lanka Police India Law and Order Latest Headlines Sinhala news
By Kaushi Aug 14, 2025 01:35 PM GMT
Kaushi

Kaushi

Report

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඉන්දියානු අවන්හලකදී ඉන්දියානු ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව නාරාහේන්පිට පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

එසේම සිදු කළ මූලික පොලිස් විමර්ශනවලට අනුව හෙළිව ඇත්තේ අවන්හලේ සේවය කරන ඉන්දියානු සේවකයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබෙන බවයි.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් අනුව නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අඛිල රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් සිදු කරන බව වාර්තා වේ.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි