අසීම් මුනීර්ගේ ඇඳුමට වැහිලා ඉන්නේ බිහිසුණු මිනිස් ඝාතන කළ බින් ලාඩන්ද? ආයෙත් ඇහෙන භයානක කතාව

Report

පෙන්ටගනයේ හිටපු නිලධාරි මයිකල් රූබින්, පාකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් මුනීර්ගේ එක්සත් ජනපදයේ සංචාරය අතරතුර කරන ලද 'න්‍යෂ්ටික තර්ජනය' සම්බන්ධ ප්‍රකාශය දැඩිව හෙළා දැක ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුනීර්ගේ ප්‍රකාශ 9/11 පිටුපස සිටින ත්‍රස්තවාදියා වන ඔසාමා බින් ලාඩන් සිහිපත් කරන බවක් පෙනෙන්නට තිබෙන බව රූබීන් පවසයි.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු භූමියේ සිට ඔහු සිදු කළ තර්ජන සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ද රුබීන් පවසා ඇති බවයි.

ඔහු තවදුරටත් කියා ඇත්තේ පාකිස්ථානය සිදු කරන මෙවැනි තර්ජන නිසා රටට රාජ්‍යයක් වීමේ වගකීම ඉටු කළ හැකි ද නැතහොත් එය අවසන් වීමට කාලය පැමිණ තිබේද යන්න සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරන බව‍යි.

ඉන්නවකෝ මම ජිනිවා එකට කියනවා, දින අටක් කට වැහුවා කියලා අර්ච්චුනා ජිනීවා යයි

ඉන්නවකෝ මම ජිනිවා එකට කියනවා, දින අටක් කට වැහුවා කියලා අර්ච්චුනා ජිනීවා යයි

එමෙන්ම මයිකල් රූබින් ෆීල්ඩ් මාෂල්වරයෙකුගේ වාචාල කතා ඔසාමා බින් ලාඩන්ගෙන් අප අසා ඇති දේ සිහිපත් කරන බව ද ප්‍රකාශ කළා.

තවද අසීම් මුනීර් යනු හමුදා ඇඳුමෙන් සැරසී සිටින ඔසාමා බින් ලාඩන් ද යනුවෙන් ගැටළුවක් පැන නගින බවත් ඔහු සඳහන් කළ බව වාර්තා වේ.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

ඇමරිකාවට මෙගා සුනාමි අනතුරු ඇගවීමක් - මිනිසුන් 30000 ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක්

ඇමරිකාවට මෙගා සුනාමි අනතුරු ඇගවීමක් - මිනිසුන් 30000 ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක්