මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති [PHOTOS]

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Sinhala news
By Kaushi Aug 14, 2025 12:35 PM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඉකුත් දිනක සිදුව ඇති බව වාර්තා වේ.

ඒ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීයි.

අඳාළ හමුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණියගේ විවාහ මංගල උත්සවය අවස්ථාවේදී සිදුව ඇති බව සඳහන්.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාට අමතරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් විශාල පිරිසක් මෙම විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ සිටියා.

අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ

අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ

එමෙන්ම එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කතාබහක්ද සිදුව ඇති බව සඳහන් වේ.

මේ අතර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දියණිය වන උදාරා රණතුංග සමග අතිනත ගෙන ඇත්තේ මියුරු වික්‍රමරත්නයි.

ඔහු ඕමානයේ ඛනිජතෙල් ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරන අතර උදාරා රණතුංග ඕස්ට්‍රේලියාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery