වී අලෙවියේ නව වාර්තාවක් - ටොන් 18,000ක් වී මණ්ඩලයට

Report

2025 යල කන්නයේ වී අස්වැන්නෙන් මේ වන විට මෙට්‍රික් ටොන් 18,000ක ප්‍රමාණයක් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට අලෙවි කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි.

එලෙස අලෙවි කරන ලද වීවලින් සියයට 95කට වඩා වැඩි ප්‍රමාණයක් නාඩු වී බව ඔහු සඳහන් කළේය.

දිවයින පුරා මණ්ඩලයේ ගබඩා 140ක් මේ වන විට විවෘත කර ඇති නමුත්, ඇතැම් ගබඩා අබලන්ව කඩා වැටී ඇති නිසා ඒවා තුළ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට නොහැකි බව ඔහු පැවසීය.

එකවර වැටුණු ධාරාණිපාත වැසි - 38ක් මරුට

එකවර වැටුණු ධාරාණිපාත වැසි - 38ක් මරුට

මෙවර අම්පාර දිස්ත්‍රික්කයෙන් මණ්ඩලයට මෙට්‍රික් ටොන් 10,000ක පමණ වී ප්‍රමාණයක් ලැබී ඇති අතර, එය වසර දහයකට පමණ පසු එම දිස්ත්‍රික්කයෙන් ලැබුණු වැඩිම වී ප්‍රමාණය බව සභාපතිවරයා කීවේය.

වී මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6ක මුදලක් මණ්ඩලයට ලබා දී ඇති අතර, මෙවර වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

වී අලෙවි කිරීමේදී එම වීවල තෙතමන ප්‍රතිශතය සියයට 14ක් විය යුතු අතර, බොල් වී ප්‍රමාණය සියයට 9කට වඩා වැඩි නොවිය යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

බුවී මහන්සි වුණ හැම රැයක්ම හැම කැපකිරීමක්ම මම දැක්කා එයා මේක කළේ අපි හැමෝම වෙනුවෙන්, සජිතගේ සංවේදී සටහන

බුවී මහන්සි වුණ හැම රැයක්ම හැම කැපකිරීමක්ම මම දැක්කා එයා මේක කළේ අපි හැමෝම වෙනුවෙන්, සජිතගේ සංවේදී සටහන