ජී එල් ගේ ගෙදර දාපු කයියෙන් දළ කෙටුම්පතකුත් හදලා ඉවර කරලා, ඉස්සරහට වෙන්න යන්නේ මේකයි

Report

වර්තමාන ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ දළ කෙටුම්පත සකස්කර අවසන් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී අද (14) දින සවස 5.00ට රැස්වූ විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් එකතුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙම දළ කෙටුම්පත පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයින් සමග එළඹෙන සතියේ සාකච්ඡා ඇරඹීමටද අද පැවති රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

එසේම මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන විපක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කොට ඔවුන්ගේද අදහස් ලබාගෙන මෙම පුළුල් සන්ධානයේ අවසන් කෙටුම්පත සකස් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර සිටින තත්ත්වයක ඉදිරියේදී රටතුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අනතුරක් පවතින බව සඳහන් කරන ඔවුන් මේ සම්බන්ධයෙන් දැන්සිටම ආණ්ඩුවේ අවධානය යොමුකරමින් විපක්ෂයේ කාර්යභාරය උපරිම ලෙස ඉටු කළ යුතු බවටද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

මහින්ද අප්පච්චියි රනිල් වික්‍රමසිංහයි එක්ක තව බලවතුන් රැසක් එකට හමුවෙති

අඳාළ සාකච්ඡාවට මහාචාර්ය ජී. එල්. පීරිස්, චම්පික රණවක, මිලින්ද මොරගොඩ, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, නිෂාම් කාරියප්පර්, මයන්ත දිසානායක, ප්‍රේමනාත් සී. දොලවත්ත ඇතුළු දේශපාලනඥයෝ පිරිසක් සහභාගී වී ඇත.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්