ඉන්නවකෝ මම ජිනිවා එකට කියනවා, දින අටක් කට වැහුවා කියලා අර්ච්චුනා ජිනීවා යයි

Report

තමාගේ කතාවට බාධා කරමින් දින අටක් පාර්ලිමේන්තුවේදී මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කර මාධ්‍යයට වාරණයක් පැන වීම හේතුවෙන් කථානායකවරයාට විරුද්ධව අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) එළඹෙන 21 වන දින පැමිණිලි කරන බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු කියා සිටියේ කිසිදු හේතුවක් නැතිව දින ගණනාවක් තිස්සේ තමාගේ කතාවට බාධා කිරීම බරපතළ වරදක් බවත් මේ සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

ඊට අමතරව දින 78 කාලයක් තමාට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව නොලැබුණු බවත් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව උදෙසා හඬ නැගන තමාට කතා කිරීමට අවස්ථාව ලබා නොදීම යාපනය දිස්ත්‍රික්කයට කරන ලද බරපතළ අසාධාරණයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව මේ පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර සාධාරණයක් බලාපොරොත්තු වන බව රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා සඳහන් කළා.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ

අසික්කිත වැඩ කරන්න එපා මෙහෙම හම්බ කරන් කන බස් එකට, ගමේ බස් එකට කරපු කැත වැඩේ