එකවර වැටුණු ධාරාණිපාත වැසි - 38ක් මරුට
By Shehan
අද (14) පස්වරුවේදී ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රදේශයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේදී සිදුවූ අධික ධාරාණිපාතයක් හා එයට අනුසරණ වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිෂ්ට්වාර් පොලිස් අංශයේ නිලධාරීන් සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
ඉන්දියානු ආපදා කළමනාකරණ අංශය පැවසුවේ තවත් 10කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා අංශය තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් ය.
මෙම විපත්තිමය තත්ත්වයට මුහුණදුන් පිරිස, හිමාලයානු මාතා චන්දි පූජා ස්ථානය වෙත යාමට සිටි භක්තිකයින් වේ.
මෙම දුක්ජනක සිදුවීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි ද ශෝකය පළ කරමින්, විපතට පත් වූ සැමට හැකි සෑම උපකාරයක්ම ලබාදෙන බව සහතික කර තිබේ.