චාමර සම්පත් අදත් ඇතුලට යයිද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අද දින බදුල්ල බන්ධනාගාරයේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
මොහු ලංකා පොස්පේට් සමගම මගින් 2023 - 2024 කාලසීමාව තුල මෙට්ට්‍රික් ටොන් 35000ක් අපනයනය සදහා සමගම් තුනක් වෙත නීති විරෝදී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2700 ක් ආසන්න මුදලක් අහිමි කරගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන් වේ .
ලංකා පොස්පේට් සමාගම මගින් රොක් පෙස්පේට් මෙට්‍රික් ටොන් 29,982 ක් D.M Traders, Disaru International, Ichiban යන පුද්ගලික සමාගම් තුනකට අපනයනය සඳහා අලෙවි කර ඇති බව, ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඉහත සමාගම් වෙත ඇණවුම් ලබාදීමට නියම කර ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බවට ප්‍රකාශ මගින් අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳව සහ ඉහත global projects සමාගම සමග ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශ නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
