ඉන්ධන ගෑස් මිල පහල යද්දී...පොහොර මිල ඉහළ දමයි…
රජය විසින් පොහොර මිල ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරයි.
මඬ පොහාර මිල පසුගිය කන්නයට සාපේක්ෂව මේ කන්නයේ රුපියල් 1,100කින් ඉහළ දමා ඇති බව ඇළහැර ව්‍යාපාරයේ ගොවීන් පෙන්වා දෙයි.
පොහොර සහනාධාර මුදල් ක්‍රමවත්ව බැංකු ගත කර නැති බවත් ගොවීන් චෝදනා කරයි.
කම්කරුවන්ගේ අයිතීන් පිළිබඳව කතා කරන අද දවසේ දී මෙලෙස පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.
රජය විසින් ලබාදෙන බවට කියන සහන මෙතෙක් ඔවුන්ට හිමි නොවන බවයි සඳහන් කර ඇත්තේ.