පැහැරගත් සිසුවියගේ පියා හෙළි කල දේ..(VIDEO)

By Piyumika Jan 14, 2025 07:56 AM GMT
Report

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පසුගියදා පැහැරගැනීමට ලක්වූ පාසල් සිසුවිය සහ ඇය පැහැරගත් සැකකරු අම්පාර පොලිස් නිලධාරින් විසින් ඊයේ (13) රාත්‍රියේ දවුලගල පොලීසිය වෙත භාර දී තිබේ.

දකුණු අප්‍රිකාවේ ඛේදවාචකයෙන් මිය ගිය ගණන ඉහළට..

දකුණු අප්‍රිකාවේ ඛේදවාචකයෙන් මිය ගිය ගණන ඉහළට..

සැකකරු සහ සිසුවිය ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර දැරියගේ පියා පොලීසියට පැමිණ තිබූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, තම දියණිය හා සැකකරු අතර කිසිදු ප්‍රේම සබඳතාවයක් නොමැති බවය.

දියණිය පැහැරගත් සැකකරු තම ඥාති පුත්‍රයෙක් වුවත් සෙසු දෙදෙනා පිළිබඳ නොදන්නා බවද පැවසු පැහැරගැනීමට ලක්වූ සිසුවියගේ පියා සඳහන් කර සිටියේ මෙය හුදෙක් කප්පම් ලබාගැනීමේ අරමුණින් සිදුකරන ලද්දක් බවය. 

ඩිජිටල් හැඳුනුම්පත් සම්බන්දයෙන් අද හෙටම සුබ ආරංචියක්..

ඩිජිටල් හැඳුනුම්පත් සම්බන්දයෙන් අද හෙටම සුබ ආරංචියක්..

.''මගේ දුවව උන් රූම් එකට දාලා වහලා තියෙනවා. අපි මේක දවස් පහක් ප්ලෑන් කරපු එකක් කියලා උන් කියනවා දුවට ඇහිල තියෙනවා. මගේ දුව දවුලගල බෝඩ් වෙලා 2025 ඒ ලෙවල් කරන්න ඉගෙන ගන්නවා. එයාව පැහැරගෙන ගිහිල්ලා කප්පම් ලෙස ලක්ෂ 50ක් ඉල්ලුවා.

පැහැරගත්ත එක්කෙනෙක් මගේ අක්කගෙ පුතා, අනිත් දෙන්නා කවුද කියලා දන්නේ නෑ.මේ අය ලක්ෂ 50ක් ඉල්ලුවා. මම කිව්වා පොඩ්ඩක් ඉවසන්න කොහොම හරි සල්ලි රෙඩි කරන්නම් කියලා. දුවටත් තර්ජනය කරලා කියලා තිබුණා කියන විදියට හිටියේ නැති වුණොත් මරනවා කියලා.

අපි පොලිසියට ගිහින් කිව්වා අපෙන් සල්ලි ඉල්ලුවා ඒක ලියා ගන්න හැබැයි අපි 50,000ක්වත් ගිහින් දාන්නම් නැත්නම් දුවට මොනා හරි කරයි කියලා. අඩුමගානේ ලක්ෂ 30ක් හරි දාන්න කියලා උන් කිව්වා. ඊට පස්සේ අපි ඔන්ලයින් 50,000ක් යැව්වා. එක එක ඒවා කිය කිය අපි කල් ගත්තා. මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් නෑ. සල්ලි නිසා මේ තුන්දෙනාගේ ප්ලෑන් එකක්.''

You may like this video