මාරක අනතුරක් - පුංචි පුතුට සදහටම දිවි අහිමි වෙයි
තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී මාරක අනතුරක් සිදුව ඇත.
වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් ත්රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා තිබේ.
එහිදී ප්රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ කොටියාගල ප්රදේශයේ පදිංචි දරුවෙකි.
මෙම අනතුර සම්බන්ධව ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඒ වගේම කුඩාඔය පොලිසිය විසින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.