සමාජ මාධ්‍ය කැලඹපු හැටන් පාසලේ චණ්ඩි අත්අඩංගුවට
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් මූලස්ථාන පොලීසිය සඳහන් කරන්නේ මෙම සිසුන් සැකපිට ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවයි .
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර මීට සති තුනකට පෙර ගැටුමක් අතිව තිබේ. අදාළ ගැටුමට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ
කෙසේවෙතත් එම සිද්ධිය පාසලේදී සමතයකට පත්වීමෙන් අනතුරුව අදාළ පහරදීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඉන් අනතුරු පහරකෑමට ලක්වූ බව කියන සිසුවාගේ මව විසින් ඊයේ (28) හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව සිදු කළ විමර්ශනයකදී පහර දුන්නේයැයි කියන සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත
මෙලෙස පහර කෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
තවද අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා සහ අදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හැටන් මූලිස්ථාන පොලීසිය තව දුරටත් සදහන් කළේ ඉන් අනතුරු මහේස්ත්‍රාත්වරයා හරහා සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදීමට පියවර ගන්නා බවයි.