කතරගම යන අයට පොලිසිය හඳුන්වා දුන් අලුත්ම සේවාව මෙන්න
2026 ජූලි 15 සිට 30 දක්වා පැවැත්වෙන රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමේ ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදෙන නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය හඳුන්වා දී ඇත.
මෙම වෙබ් අඩවිය හරහා කතරගම නගරයේ වාහන නැවැත්වීමේ ස්ථානවල පවතින ඉඩකඩ පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු ලබාගත හැකි අතර, ළඟම ඇති වාහන නැවැත්වීමේ ස්ථානය පහසුවෙන් සොයා ගැනීමටද හැකියාව ලැබේ.
එමෙන්ම, ගූගල් සිතියම් සමඟ ඒකාබද්ධ කර ඇති මාර්ගෝපදේශන පහසුකම මඟින් රථවාහන තදබදය අවම මාර්ග ඔස්සේ ගමනාන්තයට ළඟා වීමටද උපකාරී වේ.
මීට අමතරව, හදිසි අවස්ථාවලදී භාවිත කළ හැකි අත්‍යවශ්‍ය දුරකථන අංක සහ හදිසි සේවා ස්ථානවල පිහිටීම්ද ගූගල් සිතියම් සමඟ ඒකාබද්ධ කර මෙම වේදිකාවට ඇතුළත් කර තිබේ. කතරගම ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීම සහ පෙරහැර සමයේ බැතිමතුන්ට සිදුවන අපහසුතා හැකිතාක් අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. මෙම සේවාව භාවිත කිරීම සඳහා perahera.police.lkවෙත පිවිසිය හැකිය.