පොලීසියට තියුණු ආයුධයකින් පහර දුන් අපරාධකරුගේ යතුරුපැදිය මාට්ටු

Report

අද (19) පෙරවරුවේ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහර දී පලාගාය සැකකරුගේ යතුරුපැදිය පිළියන්දල - මහරගම මාර්ගයේ නිවසක් අසල පිහිටි වත්තක තිබී පොලීසිය විසින් සෙයාගෙන ඇත.

පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසියට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබුණි තියුණු ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ වෙඩිවැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

බොරලැස්ගමුව ඕ.පී.පෙරේරා මාවතේ නිවසකට යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ සහිතව පැමිණි සිව්දෙනෙක් නිවැසියන්ට පහරදී නිවසට බරපතළ හානි සිදුකර තිබුණි.

ඉන්පසුව පසුව බොරලැස්ගමුව පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ, එම සැකකරුවන් පිළියන්දල දෙසට පලායන බවටයි. පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේ රැකවල්ලා සිටි අවස්ථාවේදී පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අනපේක්ෂිත ලෙස පොලීසිය සිටිනු දැකීම හේතුවෙන් ක්ෂණිකව යතුරුපැදිය හරවාගෙන යෑමට උත්සාහ දරා තිබුණු බව පොලීසිය සදහන් කර ඇත.

එහිදී යතුරුපැදිය නවත්වාගැනීමට පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දැරීමේදී යතුරුපැදියේ පසුපැදිකරු ඔහු අත වූ තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී තිබුණි.