සුසාන භූමිය තුලදී වෙඩි තබා ඇත්තේ සැන්ඩෝගේ පියාට - පොලිසිය හෙළි කල විස්තරේ මෙන්න

Report

පොලිසිය පවසන්නේ අද (19) පස්වරුවේ 03.25ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමිය තුලදී වෙඩි තබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "සැන්ඩෝ" නැමැත්තාගේ පියාට බවයි.

මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ ඕබන් සයිඩ් ධීවර නිවාසවල පදිංචිකරුවෙකු වන අතර මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පොදු සුසාන භූමිය වෙතට ඇතුළු වූ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.

09mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත. වෙඩි තැබීමෙන් ඔහුගේ වම් අතට හා පපු ප්‍රදේශයට තුවාල වී ඇති අතර, ඔහු මේ වනවිට කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.