පිටකොටුවේ රෙදි ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනක මුදල් වංචා චෝදනා මත හිටපු එජාප මන්ත්‍රීවරිය රිමාන්ඩ්

Report

පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයින් හය දෙනෙකුගෙන් රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ හිටපු හොරණ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි රේණුකා දමයන්ති මහත්මිය වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකාරිය විසින් අදාළ ව්‍යාපාරිකයින්ට අගරු වූ චෙක්පත් ලබාදී මෙම මුදල් වංචාව සිදුකර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි. අදාළ ව්‍යාපාරිකයින් පිරිස කලක සිට සැකකාරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඇය ඔවුන් මඟහැර සිට ඇති බව වාර්තා වේ.

මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අධිචෝදනා

මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අධිචෝදනා

ඊයේ (18) දිනයේදී සැකකාරිය සිරිකොත පරිශ්‍රයට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත එම ව්‍යාපාරිකයින් එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුව මිරිහාන පොලිසිය මැදිහත් වී අදාළ පාර්ශ්ව සියල්ල පොලිස් භාරයට ගෙන ඇති අතර, සිදුකළ විමර්ශනවලදී ව්‍යාපාරිකයින් විසින් සැකකාරියට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ අනුව සැකකාරිය වත්තල පොලිසිය වෙත භාරදීමට මිරිහාන පොලිසිය පියවර ගෙන ඇත.

අනතුරුව ඇය අද (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට