සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් – ජූලි මුල් දින පහළවට 90,122ක් ශ්‍රී ලංකාවට

Report

ජූලි මාසයේ මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 90,122ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 20,480කි. එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 23ක ප්‍රතිශතයකි.

මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 9,277ක්, චීනයෙන් 5,494ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 5,487ක් ජූලි මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ අතර, 2026 ජනවාරි 1 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,236,695ක් ලෙස වාර්තා වී ඇත.

එම කාලසීමාව තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 314,163කි.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 117,844ක් මෙරටට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්

ශ්‍රී ලංකාවේ නිවාස ක්ෂේත්‍රයට නව පෙරළියක් කරමින් සූර්ය බලයෙන් දුවන නිවාස සංකිර්ණයක්

ඵෙතිහාසික රුහුණු මහ කතරගම දේවාලයට යන අයට අද රෑ විශේෂයි

ඵෙතිහාසික රුහුණු මහ කතරගම දේවාලයට යන අයට අද රෑ විශේෂයි