සංචාරක ක්ෂ්‍රේත්‍රයේ පෙරළියක් සිදුකරමින් පොළොන්නරුවේ - “පැරකුම් ලෙගසි” සංචාරක ව්‍යාපෘතිය ඇරඹේ
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “පැරකුම් ලෙගසි” සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ මෙම ව්‍යාපෘතිය ඊයේ (18) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති අතර, පොළොන්නරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ඇතුමල් වැව ආශ්‍රිතව කයැකින් පහසුකම්, පාරම්පරික බෝට්ටු සවාරි, වනජීවී නිරීක්ෂණ පහසුකම්, අත්කම් නිර්මාණ ගම්මානයක්, වෙළෙඳ කුටි, දේශීය හා විදේශීය ආහාර අත්විඳීමේ පහසුකම් ඇතුළු සංචාරක පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙමගින් ප්‍රදේශයේ ජනතාවට නව ආදායම් මාර්ග බිහි කිරීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදන සඳහා වැඩි වටිනාකමක් එක් කිරීම අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙස “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.
“ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 618ක් වෙන් කර ඇති බවත්, එයට අමතරව මෙම සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තවත් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම “ප්‍රජා ශක්ති” වැඩසටහනේ අරමුණක් වන අතර, ඒ සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ.
මෙම වැඩසටහන් සඳහා ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ “ප්‍රජා ශක්ති” ජාතික මහලේකම් කාර්යාලය එක්ව කටයුතු කරයි. ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගන්නා ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන් වේ.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම සංවර්ධන කටයුතු සඳහා යොදාගනු ලබන්නේ මහජනතාවගේ බදු මුදල් බැවින් ඒවා කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් කළමනාකරණය කර ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවයි.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ව්‍යාපාරිකයින්, ගොවි සංවිධාන නියෝජිතයින්, ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.