ලක්ෂ ගණනක දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Report

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 79කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (19) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුවන් ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

පිළියන්දල හොල්ලපු පොලිස් වෙඩිල්ලේ සියළු තතු හෙළිවෙයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් ඉන්දියාවේ හයිද්‍රාබාද් සහ මුම්බායි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා කාම්බෝජයෙන් මිලදී ගත් මෙම දුම්වැටි තොගය මැලේසියාවේ ක්වාලාලම්පූර් හරහා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් සතුව තිබූ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 53,200ක් අඩංගු දුම්වැටි කාටූන් 266ක් සඟවා තිබියදී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් ලබන 21 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

පිටකොටුවේ රෙදි ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනක මුදල් වංචා චෝදනා මත හිටපු එජාප මන්ත්‍රීවරිය රිමාන්ඩ්

පිටකොටුවේ රෙදි ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනක මුදල් වංචා චෝදනා මත හිටපු එජාප මන්ත්‍රීවරිය රිමාන්ඩ්