දියර කිරි බොන අයට විශේෂ නිවේදනයක් - පාරිභෝගික අධිකාරියෙන් අලුත්ම නීතියක්
පාරිභෝගික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සැකසූ දියර කිරි සඳහා නව ආරක්ෂක ප්‍රමිතීන් හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පියවර ගෙන තිබේ.
ඒ අනුව, කිරි නිෂ්පාදනවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සින් මට්ටම සඳහා දැඩි සීමාවන් පනවා ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
CAA විසින් නිකුත් කරන ලද අංක 98 දරන නියෝගයට අනුව, ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන හෝ බෙදාහරින සියලුම සැකසූ දියර කිරි නිෂ්පාදන අනිවාර්යයෙන්ම SLS 1815 ප්‍රමිතියට අනුකූල විය යුතුය.
එමෙන්ම, එවැනි කිරිවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 0.5 (0.5 µg/kg හෝ ppb) ඉක්මවිය නොහැකි බව නියෝගයේ සඳහන් වේ. ඇෆ්ලටොක්සින් යනු ඇතැම් දිලීර වර්ග මගින් නිපදවන විෂ ද්‍රව්‍යයක් වන අතර, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝකය පුරා අවධානයට ලක්ව ඇති සංයෝගයකි.
ඇමරිකානු පියාට දරුවන් දෙන්න බෑ කියා නිෂිකා දරුවනුත් අරන් පැනලා - බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු උසාවි සසල කළ නඩුව
එම නිසා ආහාර හා පාන වර්ගවල එහි මට්ටම පාලනය කිරීම පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ. නව නියෝගය අනුව, නියමිත ආරක්ෂක සීමාව ඉක්මවන සැකසූ දියර කිරි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම තහනම් වනු ඇත.
මේ හරහා වෙළඳපොළ තුළ පවතින කිරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම CAA හි අරමුණ වී තිබේ. මෙම නව අවශ්‍යතාව 2027 ජනවාරි 8 වන දින සිට බලාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, එම දිනයට පෙර අදාළ ප්‍රමිතීන් සපුරාලීමට කටයුතු කරන ලෙස සැකසූ දියර කිරි නිෂ්පාදකයින්, ආනයනකරුවන් සහ සිල්ලර වෙළෙන්දන් වෙත උපදෙස් ලබාදී ඇත.
CAA සඳහන් කළේ, මෙම පියවර හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වන්නේ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ රට තුළ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම බවයි.
නව ප්‍රමිතීන් ක්‍රියාත්මක වීමත් සමඟ කිරි නිෂ්පාදන අංශයේ නිෂ්පාදන ක්‍රියාවලීන්, තත්ත්ව පාලන ක්‍රම සහ වෙළඳපොළ නියාමනය වඩාත් දැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.