දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුර..

Report

අද (24) අලුයම දක්ෂිණ අධිවේගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

අධිවේගී මාර්ගයේ 174.2 ආර් ස්ථානයේ දී මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපසින් ගැටී අනතුරක් සිදුව තිබේ .

අමුතු නැටුමක් උගන්නන්න ගිය නැටුම් ගුරා මාට්ටු ..

අමුතු නැටුමක් උගන්නන්න ගිය නැටුම් ගුරා මාට්ටු ..

අනතුරින් පිටුපස ලොරි රථයේ රියදුරු, රිය සහායක සහ ඉදිරියෙන් ධාවනය කළ ලොරියේ රිය සහායකයා තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස ලොරියේ රිය සහායකයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි හල්ගහඔය, නුවරඑළියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ශීඝ්‍රයෙන් පැතිර යන භයානක වෛරසයක්..මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහලට..

ශීඝ්‍රයෙන් පැතිර යන භයානක වෛරසයක්..මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහලට..

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැනපත් කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස මුරපොළ වැඩිදුර විමර්ශන සිදුකරයි.