අමුතු නැටුමක් උගන්නන්න ගිය නැටුම් ගුරා මාට්ටු ..

Sri Lanka Police Sri Lanka Child Abuse Latest Headlines
By Piyumika Jul 24, 2024 02:28 AM GMT
Piyumika

Piyumika

Report

පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුල දී තම16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයෙකු ඊයේ(23) දින සැකපිට අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවසීය .

ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා දීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුව මෙලෙස සැකකරු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

පුවත් පත් දැන්වීම් වලින් මෙහෙකරුවන් සොයන ඔබ වඩාත් විමසිලිමත් වෙන්න..බලන්න මේ වෙලා තියන දේ..

පුවත් පත් දැන්වීම් වලින් මෙහෙකරුවන් සොයන ඔබ වඩාත් විමසිලිමත් වෙන්න..බලන්න මේ වෙලා තියන දේ..

මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සතියකට පමණ පෙර හංවැල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයෙකු බවටද අනාවරණය වූ බවද පොලිසිය පවසා සිටියේය .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික නර්තන පන්තියක් පවත්වාගෙන ගිය නර්තන ගුරුවරයෙකුය.

කොළඹ වෝඩ් පෙදෙසේ බිහිසුණු ඝාතනයේ අලුත්ම කතාව..(VIDEO)

කොළඹ වෝඩ් පෙදෙසේ බිහිසුණු ඝාතනයේ අලුත්ම කතාව..(VIDEO)

සැකකරු විසින් ඉකුත් ජනවාරි මාසයේ රජයේ නිවාඩු දිනයක් හෝ ඉරිදා දිනයකදී නර්තන කණ්ඩායමකට අවශ්‍ය ඇදුම් පිළිබදව සොයා බැලිීමට අවශ්‍ය බවට දැරියගේ දෙමාපියන්ට පවසා සැකකරුගේ යතුරු පැදියෙන් මෙම 16 හැවිරිදි දැරිය සමගින් අදාල අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණ එහි කාමරයක් තුලදී දැරියට අතවර කර ඇතැයි පොලිසියට ලද පැමිණිල්ලෙහි සදහන් බවද තලංගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

තහනම් ඖෂධ තොග ගණනින් විකුණූ අයෙක් හා ඒවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් අත්අඩංගුවට..

තහනම් ඖෂධ තොග ගණනින් විකුණූ අයෙක් හා ඒවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් අත්අඩංගුවට..

ඒ අනුව සැකකරු අදාල සිදුවීම වූ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණිලිකාර පාර්ශවය සමග රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් නිළදාරියා වැඩිදුරටත් පැවසීය.

ReeCha