මාරාන්තික උපවාසය දිගටම - තවත් සංවර්ධන නිලධරීයෙක් රෝහලට
ලංකා පාසල් සංවර්ධන නිලධරීන් සංගමයේ සාමාජිකයන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙස රජයට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මාරාන්තික උපවාසයේ සිවුවැනි දින වූ අද (29) තවත් පාසල් සංවර්ධන නිලධාරියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළ සංවර්ධන නිලධාරීන් සිවුදෙනාගෙන් තවත් නිලධාරියෙකු මෙලෙස අද පෙරවරුවේ රෝහල්ගත කර ඇති අතර, මීට පෙර පසුගිය 27 වැනිදා ද එක් නිලධාරිනියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව වාර්තා වේ.
‘කොවිඩ්’ වසංගතය පැවති කාලයද ඇතුළුව වසර හතකට අධික කාලයක් රජයේ පාසල්වල සේවය කර ඇති 16,000කට ආසන්න පාසල් සංවර්ධන නිලධරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා පාසල් සංවර්ධන නිලධරීන් සංගමයේ ජාතික සංවිධායක අසංක දිසානායක මහතා සඳහන් කළේ, ජාතික පාසල් සංවර්ධන නිලධරීන් ගුරු සේවයට අන්තර්ග්රහණය කරන බවට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි මහතා ප්රසිද්ධියේ ප්රකාශ කර තිබුණද, මේ දක්වා ආණ්ඩුව පාර්ශවයෙන් තමන්ගේ ගැටලුවට කිසිදු නිල ප්රතිචාරයක් ලැබී නොමැති බවයි.උපවාසය තවදුරත් ක්රියාත්මක වේ.