සියලූ ගොවීන් ලියාපදිංචි කිරීම සිදු කරයි

Report

ගොවීන් ලියාපදිංචි කිරීමේ නව පද්ධතිය FarmerNet.lk නමින් එළි දැක්වීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි..

මෙම පද්ධතිය මඟින් දත්ත හිඟය, තීරණ ගැනීමේ අපහසුව සහ සම්පත් නාස්තිය යන ගැටළු විසඳීමට උදව් වන අතර, ගොවි ප්‍රජාවට සිය කාර්යයන් පහසුවෙන් සිදු කිරීමට හැකි වනු ඇත.

එසේම, කෘෂි නිලධාරීන්ට ගොවීන් වෙත අවශ්‍ය සේවාවන් පහසුවෙන් ලබා දීමට මෙම පද්ධතිය අවස්ථාව සැලසෙයි.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම මගින් වත්මන් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, FarmerNet.lk පද්ධතියෙන් දිවයින පුරා විසිර සිටින සියලු ගොවීන්ගේ විස්තර එකම ස්ථානයකින් ලබා ගත හැකිවීම, ගොවීන් වෙනුවෙන් ප්‍රතිලාභ සැපයීමේදී මූලික දත්ත පද්ධතියේ හිඟය නිසා ඇති වූ බාධා අවම කරනු ඇත.

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

ChatGPT අහිමි වෙයිද ? පාඩු ලබන නිසා දැන්වීම් පෙන්වීමේ සූදානමක්

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්

රජයේ රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක් - මේ ජොබ් එකට පුරප්පාඩු 10000ක්