ගොවි මහතෙකුට අත්වුන අවසනාවන්ත ඉරණම
තම වගාව වන අලින්ගෙන් රැක ගැනීමට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි ගොවි මහතෙකු හේරත්ගම වනජීවි කාර්යාලය ආසන්නයේදී මුවෙකු ඇනීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ඊයේ (12 වැනිදා) අලුයම මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම හේරත්ගම, ගලහිටියාව ලිපිනයේ පදිංචිව සිටි එම්.ඒ. සමන්ත විජේවර්ධන නමැති 47 හැවිරිදි තිදරු පියෙකි.
එසේම මුවාගේ ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයෙකුද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ .
එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 80- 85 අතරේ පසුවන බස්නායක නමැති ගොවි මහතාද මෙම මුවා ඇනීමෙන් ඉළඇට කැඩීම හේතුවෙන් පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
මෙම දෙදෙනාම 11 වැනිදා සවස් යාමයේ හේරත්ගම වනජීවි කාර්යාලය අවට වෙල් යායක තම කුඔුරු වගාව වන අලින්ගෙන් බේරා ගැනීමට පැල් රැකීමට ගොස් ආපසු නිවෙස් බලා යන අතරේ ඊයේ අලුයම 5.00- 5.30 ත් අතර නිවෙස් කරා පැමිණෙමින් සිට ඇත.
එහිදී ඉදිරියෙන් ගමන් ගත් ගොවියාට මුවකු පෙරළාගෙන අණිනවා දුටු පිටුපසින් පැමිණී ගොවියා ඔහු බේරාගැනීමට දිව යාමේදී මුවා ඔහුටද ඇණ තිබිණි.
මුවාගේ ඇණීමෙන් බරපතළ තුවාල ලැබ සිටි දෙදෙනාම ප්‍රදේශවාසීන් විසින් පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කළද එක් ගොවියකු එහිදී මියගොස් තිබේ.
මෙලෙස මරණයට පත් වූ සමන්තගේ බිරිද වේදනාවෙන් සදහන් කර ඇත්තේ තම වැඩිමහල් දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවත් හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම නිවුන් දියණියන් දෙදෙනෙකුද ඔහුට සිටින බවයි.
මින් පෙරද මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත.
ප්‍රදේශවාසීහු වනජීවියට චෝදනා කරන්නේ එම ප්‍රශ්නවලට විසදුම් තියා මරණයට පත් තැනැත්තාගේ නිවෙසටද වනජීවියේ කිසිවෙකුත් මේතාක් පැමිණ නැති බවයි .
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සදහන් කළේ ඒ අතරේ අලියෙකු, වලසෙකු, දිවියෙකු, කිඹුලෙකු හා කුළු හරකෙක් වැනි සතුන්ගෙන් සිදුවෙන තුවාලවලට හෝ මරණයට පත්වෙන අයට වන්දි ගෙවීමක් සිදු වෙන නමුත්, මුවෙකුගේ ප්‍රහාරයකින් මරණයට පත්වෙන අයට වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් මෙතෙක් සිදු ව නැති බවයි.