දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ

Report

1990 දශකයේ ලෝක ක්‍රිකට් පිටිය තුළ අමතක කළ නොහැකි 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ පුරෝගාමීන් වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු සිව්දෙනෙකු පසුගිය දවසක නැවත හමුවුණා.

ඒ සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ අර්ජුන රණතුංග යන දැවැන්තයින් සිව්දෙනායි.

ඔවුන් මෙසේ හමුව තිබුණේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ 125 වැනි සංවත්සර උත්සවයේදීයි.

මේ වෙලාවේ ඔවුන් ඉතා ප්‍රබෝධමත් විදිහට හිටියත් හිටපු නායක අර්ජුන රණතුංගගේ වර්තමාන පෙනුම ගැන බොහෝ දෙනෙක් පුදුමයට පත් වුණා.

දෙයියනේ හැමෝම ආදරේ කරන අර්ජුන රණතුංගට මොකද මේ වුණේ | Fans Shocked By Arjuna Ranatunga S Look

අම්මෝ පියුමි හංසමාලිගේ පුතාගේ ලස්සන - බුකියම පිස්සුවක් වෙලා

අම්මෝ පියුමි හංසමාලිගේ පුතාගේ ලස්සන - බුකියම පිස්සුවක් වෙලා

රතු පැහැ කුර්තා ඇඳුමකින් සැරසී සිටි ඔහුව බොහෝ රසිකයන්ට හඳුනාගැනීමට පවා අපහසු වූ බවක් තමයි ආරංචි වුණේ.

අර්ජුන කියන්නේ අවුරුදු 18ක තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ඇතුළේ තරමක් මහත සිරුරක් හිමි ක්‍රීඩකයෙක්. ඒ වුණත් ඔහු ටෙස්ට් සහ එක්දින ලකුණු 12,500කට ආසන්න සංඛ්‍යාවක් රැස් කරපු දක්ෂයෙක්.

ව ශාරීරික යෝග්‍යතා ගැටළු නිසා විටෙක සහාය දිව යන්නෙකු ලබා ගැනීම වැනි මතභේදාත්මක අවස්ථාවලට පවා මුහුණ පෑ ඔහු සිය උපක්‍රම මගින් ඕස්ට්‍රේලියානු හිටපු නායක ඉයන් හීලි වැනි ක්‍රීඩකයින් පවා කෝපයට පත් කළ අවස්ථා තවමත් ඉතිහාසයෙන් මැකී ගොස් නැහැ.

කොහොම වුණත් පාකිස්තානයේ ඉන්සමාම් උල් හක් මෙන්ම අර්ජුනද ඒකාලේ මලල ක්‍රීඩකයෙකු වැනි සිරුරක් හිමි අයෙකු නොවුණත් ඔහුගේ වත්මන් සිහින් පෙනුම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරලා තියෙනවා.

මේ ඡායාරූපය දැක්ක බොහෝ රසිකයින් මේ සැබවින්ම අර්ජුන රණතුංග ද කියන ප්‍රශ්නාර්තයෙන් වගේම තව සමහරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් විමසිලිමත් වෙලා තියෙනවා. කොහොම වුණත් අර්ජුනගේ මේ වෙනස් වීම නව සිදුවීමක් නෙවෙයි. පසුගිය 2023 ආසියානු කුසලාන තරඟාවලිය අතරතුරද මේ පිළිබඳව අවධානය යොමු වෙලා තිබුණා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පියා ගැන තැබූ සංවේදී සටහන

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පියා ගැන තැබූ සංවේදී සටහන

මේ වන විට 61 හැවිරිදි වියේ පසුවන අර්ජුන සිය බර අඩු කර ගැනීමට හේතුව හෙළි කර නැති වුණත් ඔහුගේ පෙනුම අනුව එය සෞඛ්‍ය ගැටළුවකට වඩා යහපත් ශාරීරික යෝග්‍යතාවක් පවත්වා ගැනීමේ උත්සාහයක් විදිහට අනුමාන කරන්න පුළුවන්.

මේ වන විට ක්‍රීඩාවෙන් සමු අරන් වසර 25ක් ගෙවුණත් එක්දින තරඟ 193කදී ජයග්‍රහණ 89ක් වාර්තා කළ අර්ජුන තවමත් මෙර්ට සාර්ථකම එක්දින නායකයා වෙනවා.

වයස අවුරුදු 18දී ජාත්‍යන්තර වරම් දිනාගෙන ටෙස්ට් තරඟ 93කට සහ එක්දින තරඟ 269කට ක්‍රීඩා කළ ඔහුගේ කැපී පෙනෙනම ලක්ෂණය විශිෂ්ට නායකත්වයයි.

ඒ අතර අප සැමට තවමත් මතක එක් සිදුවීමක් තමයි ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදී විනිසුරු රොස් එමර්සන් විසින් මුරලිදරන්ගේ පන්දු යැවීම නීති විරෝධී බව පැවසූ විට කණ්ඩායම පිටියෙන් ඉවතට රැගෙන යමින් ඔහු ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටි ආකාරය.

ප්‍රවීණ කලාකරු ආනන්ද වික්‍රමගේ මහතාට දරුණු රෝගයක් - ඔහු වෙනුවෙන් කැප වෙන පුතාගෙන් හෙළිදරව්වක්

ප්‍රවීණ කලාකරු ආනන්ද වික්‍රමගේ මහතාට දරුණු රෝගයක් - ඔහු වෙනුවෙන් කැප වෙන පුතාගෙන් හෙළිදරව්වක්