අමාත්‍යංශයේ නම භාවිත කර ව්‍යාජ රැකියා ජාවාරමක්. - විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ. - මෙන්න සම්පූර්ණ විස්තරය.

By Wayomi Jan 10, 2025 11:14 AM GMT
Report

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධව එම අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම දැන්වීමේ රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති මෙම දැන්වීම මගින් දෛනිකව රුපියල් 5000ක ආදායමක් උපයාගත හැකි බව දක්වා ඇත.

එමෙන්ම ඊට අමතරව මාර්ගගතව සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එම දැන්වීමේ සඳහන්ව තිබෙනවා.

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)

නමුත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සිය නිවේදනය මගින් දක්වා ඇත්තේ අමාත්‍යාංශය සහ එහි පාඨය භාවිත කරමින් සහ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බවයි.

එමෙන්ම අමාත්‍යාංශය විසින් එවැනි කිසිදු ආකාරයේ දැන්වීමක් පළ කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර නව රජයේ අමාත්‍යංශ විෂය පථයන්ට අනුව විදේශ රැකියා විෂය පථය කම්කරු අමාත්‍යාංශයට අයත් නොවන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙම අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර මෙම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වාහනවල විකුණුම් මිලෙහි වෙනසක්. - ජපන් මෝටර් රථයක් ආසන්න වශයෙන් 300%ක්.

වාහනවල විකුණුම් මිලෙහි වෙනසක්. - ජපන් මෝටර් රථයක් ආසන්න වශයෙන් 300%ක්.


You May Like This Video