රුපියල් 85,000ට විද්ද ෆේස් බුක් මිතුරුකම

facebook galle british money fraud currier
By Sewvandhi Jun 08, 2021 11:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බ්‍රිතාන්‍ය පවුම් 40,000 ක ත්‍යාගයක් දෙන බව පවසා ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 85,000 ක් වංචා කිරිමේ පුවතක් ගාල්ලෙන් වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකල අවස්ථාවේ එම මුදල් තැන්පත් කල ගිණුම පිළිබඳ විස්තර ලබාදෙන ලෙස අදාළ පුද්ගලික බැංකුවට ගාල්ල මහේස්ත්‍රාත් අද නියෝග කළා.

එසේම මෙම වංචාවට සම්බන්ද පුද්ගලයා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් සැකකරු ගාල්ල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා අද (08) නියෝග නිකුත් කලා.

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ ගාල්ල නගරයේ පදිංචි පුද්ගලයෙකු මුහුණු පොත හරහා මැයි 09වන දින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු යැයි කියනා පුද්ගලයෙකු හඳුනාගෙන පසුව දෙදෙනා පණිවුඩද හුවමාරු කරගෙන ඇති බවයි.

පසුව එම පුද්ගලයා බ්‍රිතාන්‍ය පවුම් 40,000 ක් වටිනා ත්‍යාගයක් තිබෙන බවත් එය කූරියර් සේවාවක් හරහා එවන්නදැයි ඔහුගෙන් විමසා තිබෙනවා. පැමිණිලිකරු එයට එකඟවිමෙන් පසු කූරියර් සේවා ආයතනයක නිලධාරියෙකු ලෙස තවත් පුද්ගලයෙකු එම භාණ්ඩ නිදහස් කර ගැනිමට රුපියල් 85,000 ක් අවශ්‍ය බව පවසා ඒ මුදල තැන්පත් කල යුතු පුද්ගලික බැංකුවක ගිණුම් අංකයක්ද ඔහුට දී තිබෙනවා.

ඒ අනුව මැයි 24 වන දින අදාළ මුදල ඔහු විසින් තැන්පත් කර තිබෙනවා. පසුව නැවතත් එම පුද්ගලයා තවත් රුපියල් 280,000ක් තැන්පත් කරන ලෙස දන්වා ඇති අතර ඉන් පසුව මේ පිළිබඳ සැක සිතු පැමිණිලිකරු ගාල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැයි 27වන දිනඅත්තිඩිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිසිය විසින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි 36 හැවිරිදි පුද්ගලයෙක්. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now