දරා ගන්න බැරුව මිනිස්සු දහස් ගාණක් නැති වෙලා.. - පෝය දවසෙම අහන්න වුණ අනුවේදනීය පුවත..

Climate Change Death World Latest Headlines
By krishani Jun 21, 2024 10:16 AM GMT
krishani

krishani

Report

උතුරු ඇමරිකාව, දකුණු සහ නැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග යුරෝපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දැඩි උෂ්ණත්වයක් බලපා තිබෙනවා.

දරා ගන්න බැරුව මිනිස්සු දහස් ගාණක් නැති වෙලා.. - පෝය දවසෙම අහන්න වුණ අනුවේදනීය පුවත.. | Extreme Temperatures For Many Parts Of The World

ඒ හේතුවෙන් දහස් ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් රෝගාතුර වී ඇත.

එලෙස දැඩි උෂ්ණත්වයක් බලපා ඇති සියලු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම, ඉදිරියේදී ඇතිවන දැඩි කාලගුණික තත්වයට මෙය පෙර නිමිත්තක් බවත් කාලගුණ විද්‍යාඥයන් සඳහන් කළේ ය.

මෙම වසරේ මාර්තු මස 1 වැනිදා සිට ජූනි මස 18 දක්වා කාලයේදී ඉන්දියාව තුළ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මරණ 110 ක් සිදුව ඇත.

එමෙන්ම, 40000 කට වඩා වැඩි පිරිසක් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එසේම ග්‍රීසියේ පසුගිය සති කීපයේ දී දැඩි උෂ්ණත්වය උෂ්ණත්වය හේතුවෙන් සංචාරකයින් 5 දෙනකු මියගොස් ඇත.

එසේම, හජ් වන්දනාකරුවන් 1081 දැඩි උෂ්ණත්වය හේතුවෙන් මියගොස් ඇති බවත් ඉන් 658ක් ඊජිප්තු ජාතිකයන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හජ් වන්දනා සමයේ දී මෙකාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක් ලෙස වාර්තා වූ බව ද සඳහන් වේ.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.


සර්බියාවේ අගනුවර බෙල්ග්‍රේඩ්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් ලෙස වාර්තා වීය.

එලෙස දැඩි උෂ්ණත්වය හේතුවෙන් හෘද හා නිදන්ගත රෝග තත්වයන් උත්සන්න වීම හේතුවෙන් එක් රාත්‍රියකට රෝගීන් 109 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, ලොව පුරා හටගෙන ඇති දැඩි උෂ්ණත්වය දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් බව විදෙස් මාධ්‍ය පැවසීය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%