EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.

Report

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?. | Employee Provident Fund Payment Data

ඒ මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා.

එම අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

මේ ගැන තාම දැනුවත් නැද්ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(VIDEO)

මේ ගැන තාම දැනුවත් නැද්ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(VIDEO)


කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහ බැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහ බැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදෙන බවත් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ මාස 6කට වරක් දත්ත ලබාගැනීම වෙනුවට මේ සම්බන්ධයෙන් නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතු බවය.

එමෙන්ම, ජනතාවගේ ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය බවත් කාරක සභාව විසින් අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහ බැංකුව සහ කම්කරු කාර්යාලය ඒකාබද්ධ රැස්වීමක් කඩිනමින් පැවැත්වීමට ද උපදෙස් දී ඇති බව සඳහන් වේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගැන විශේෂ තීරණයක් මෙන්න.(PHOTO)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගැන විශේෂ තීරණයක් මෙන්න.(PHOTO)


තව ද, ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසිපරිදි භාවිත නොකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත්, අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වනවිට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.