ගිනිගත් නැවේන් පාවි ආ මලු 20ක් ඉවතට

ship Express pearl
By Sithumi Jul 06, 2021 05:24 PM GMT
Sithumi

Sithumi

Report

ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අඟුලාන වෙරළ තීරයට ඉකුත් දිනවල ගොඩ ගැසූ ප්ලාස්ටික් ඇට විශේෂය ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කිරීම ගුවන් හමුදාවේ නිලධාරින්ගේ මැදිහත්වීමෙන් අද සිදුකෙරිණි.

වෙරළ පිරිසිදු කර ඇට සහිත මලු විස්සක් පමණ ඉවත් කළ අතර මෙම වැඩසටහනට රත්මලාන ගුවන්හමුදා කඳවුරේ නිලධාරින් යොමුකොට තිබුණි.

මෙය ගුවන් හමුදා භුමි අධ්‍යක්ෂක නිලධාරිගේ උපදෙස් සහ අධික්ෂණයෙන් සිදු කෙරිණි මේ සඳහා නිලධාරින් පහලොස් දෙනෙකු යොදවා සිටි අතර එම නිලධාරින් ලුනාව මෝය ප්‍රදේශයේ සිට අඟුලාන දක්වා වු වෙරළ තීරය පිරිසිදු කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


Gallery