නවසීලන්තය කැළඹෙයි - හදිසි අනතුරු ඇඟවීම් නිකුත් වේ - ජනතාව ඉවත් කරයි
By Ashfa
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ගුවන්තොටුපළ අසලින් අධි අවදානම් සහිත පුපුරණ ද්‍රව්‍යය සොයාගෙන ඇත.
ඉන් අනතුරුව ක්‍රයිස්චර්ච් ගුවන්තොටුපළ අසල නගරයේ පදිංචිකරුවන් ඉවත් කිරීමටත් අවට සිටින පුද්ගලයින්ගේ ජංගම දුරකථන වලට හදිසි අනතුරු ඇඟවීමක් යැවීමටත් පොලිසිය කටයුතු කර ඇත.
අද දින එරට වේලාවෙන් පස්වරු 2.30 ට පමණ පොලිසියට මෙම ද්‍රව්‍යය පිළිබඳව දැනුම් දීමෙන් පසු බර්න්සයිඩ් හි ෂෙෆීල්ඩ් ක්‍රෙසන්ට් අවට ආරක්ෂක වළලු යොදවා ඇත.
මේ වනවිට පුපුරන ද්‍රව්‍යය ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරන බැවින් පොලිස් පැමිණීම වැඩි වන බවත් ප්‍රදේශය ආරක්ෂිත වූ පසු ආරක්ෂක වළලු ඉවත් කරන බවත් බලධාරීන් පවසයි.