ඓතිහාසික ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන්න - අයතුල්ලා අල් කමේනි

Report

ඇමරිකාව විසින් එල්ලකළ ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පවසන්නේ ඇමෙරිකාව යුද්ධයට අවාසිදායක ලෙස අවතීර්ණ වී ඇති බවයි.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ උත්තරීතර නායකයා පවසා ඇත්තේ එමඟින් සිදුවන හානිය, ඉරානයට මුහුණ දීමට සිදුවන හානියට වඩා ඉතා ප්‍රභලව වනු ඇති බවයි.

ඇමෙරිකාව ප්‍රහාර එල්ල කළේ අවශ්‍ය දේවල් ඉවත් කරගත් හිස් මධ්‍යස්ථාන තුනකට බව පවසන කමේනි පෙන්වා දෙන්නේ කිසිදු ලෙසකින් ඉරානය යටත් කළ නොහැකි රාජ්‍යක් බවයි.

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

 

මේ යුද්ධය අපිට පුදුමයක් නොවෙයි. එය අපි කලින් සිට බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. යන්න අපි ඊට සූදානම තමයි සිටියේ ඉතිහාසය පුරා මතක තබාගත හැකි ප්‍රතිචාරයක් අපි ලබා දෙනවා. අපි අපේ කඩු මුවහත් කරගෙන හිටියේ. දැන් එම කඩු කොපුවෙන් එලියට ගෙන ප්‍රතිචාර දැක්වීමේ කාලයයි. ඉරානය විප්ලවයේ දේශයයි. අප සියල්ල පිළිබඳව විමසිල්ලෙන් ඉන්නේ

මේ අතර ඇමෙරිකානු ප්‍රහාරයෙන් පසුව පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමඟ සම්බන්ධ වන හෝමෝ සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවල් එරට පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබේ.

ලොව ඛනිජතෙල් ප්‍රවාහණයෙන් 20% පමණ සිදු වන්නේ මෙම පර්සියානු බොක්ක ආශ්‍රිතවයි.

ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම සම්බන්ධයෙන් තමා දැඩි කණස්සල්ලෙන් සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසන්නේ.  

ලොව පුරා සිටින ඇමරිකානුවන්ට රතු එළියක්

ලොව පුරා සිටින ඇමරිකානුවන්ට රතු එළියක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්