2023 වර්ෂයේ කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණයට විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ. ලබාගත හැකි විදිහ මෙන්න.

Sri Lanka South Korea
By Wayomi මාස 1 කට පෙර
Wayomi

Wayomi

Report

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇත.

ඒ, පෙබරවාරි මස 13 වැනි දින සිට පෙබරවාරි මස 22 දක්වා අනුව online (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකි අතර වැඩි විස්තර දැන ගැනීමෙන් හැකියාව පවතිනවා.

ඊට නීති රෙගුලාසි කිහිපයක් ඇතුළත් වන අතර එම නීති රෙගුලාසි පහතින්,

🟢 මේ සඳහා අවුරුදු 18-39ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාව නොමැති, සිරගතවීමක් හෝ බරපතළ වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, කොඳු ඇට පෙලේ ආබාධ සහිත, ඇඟිලි අඩු හෝ ඉවත් කර නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලය ද ඇතුළුව වසර 5ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතු බවයි එම රෙගුලාසි යටතේ දැක්වෙන්නේ.

🟢 විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වනවා.

🟢 විභාග ගාස්තුව රු.10,140 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වනු ඇති. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක www.slbfe.lk මගින් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.)

🟢 නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය 2023 සැප්තැම්බර් 1 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW