හැමෝම බලන් හිටපු දවස ජූනි 17 - හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ නඩුවට දින හරි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජූනි මස 17 වැනිදා ආරම්භ කරන බවත් නිවේදනය කළේය.
මුදල් අමාත්‍යංශෙයි මහ බැංකුවයි බුදි - පුලුවන්නම් කියයි රාජපක්ෂලාගේ හැකර්වරු කියලා - නාමල් ආණ්ඩුව ඉහේ ඉදන් පට්ට ගහයි
එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවේය.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8859708ක පාඩුවක් සිදුකිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර ඇත.