හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්
ඉදිරිපස දකුණු පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා දැඩි ලෙස රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මහව - පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටි මෙම හස්තියා ඉකුත් 4 වන දින එක් ඉවුරකට යොමු කිරීමට පශු වෛද්‍යවරුන් පියවර ගත්තා.
එසේම හස්තියාට ප්‍රතිකාර ආරම්භ කර ඊයේ දිනට දවස් 10 ක් ගතව තිබුණා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
අසාධ්‍ය තත්ත්වයේ සිටි හස්තියාගේ වෙඩි වැදුණු ස්ථානවලට වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් ප්‍රතිකාර සිදු කළා.