උදව්වට ආපු අයටත් වෙඩි ප්‍රහාර
By Akash
භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහ මියන්මාරයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විපතට පත් ජනතාවට ආධාර තොගයක් රැගෙන යමින් සිටි චීන රථ පෙළකට මියන්මාර හමුදා පාලනය විසින් වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සන්නද්ධ කැරලිකාර කණ්ඩායමක් වන (TNLA) විසින් BBC පුවත් සේවයට පවසා තිබුණේ මැන්ඩලේ බලා ගමන් කරමින් සිටියදී උතුරු ශාන් ප්‍රාන්තයේ නවුන්ග් වෝ නගරය හරහා ගමන් කරමින් සිටියදී වාහන නවයකින් යුතු රථ පෙළකට හමුදා වෙඩි තැබූ බවයි.
චීන රථ පෙළ එම ගමන් මාර්ගය සහ ආධාර බෙදාහැරීමේ සැලසුම් මියන්මාර හමුදාවට දැනුම් දී තිබූ බව පැවසේ. කෙසේ වෙතත් මියන්මාර හමුදාව බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පවසා තිබුණේ රථ පෙළ ඒ හරහා ගමන් ගන්නා බව දැනුම්දී නොතිබුණු බවත් නවතින ලෙස දැනුම් දුන්නත් නොනැවතුණු නිසා වෙඩි තැබූ බවයි.