යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දුන් සහතිකය..
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By krishani
ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි.
ඒ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව පැවසීය.
GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති යුරෝපා කොමිසමේ සභාපතිවරිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවයි.
එම වාර්තාව මේ වසරේ අග භාගයේ දී හෝ 2023 මුල් භාගයේ දී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට සහ මෙහෙයවීමට අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කරයි.