මැදපෙරදිග උණුසුමින් යුරෝපයත් නොසන්සුන් - තත්ත්වය දරුණු වීමට පෙර න්‍යෂ්ටික බලශක්තිය ගැන යළිත් අවධානය

Report

මැදපෙරදිග යුද්ධය නිසා බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින එක්සත් රාජධානියේ මෙන්ම යුරෝපා සංගමයේ ද න්‍යෂ්ටික බලශක්තිය ගැන යළි අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය අද (04) දින වාර්තා කරයි.

එහෙත් න්‍යෂ්ටික විසඳුමක් කෙතරම් ඉක්මනින් කළ හැකිද සහ එය සැබවින්ම කෙතරම් ආරක්ෂිත සහ විශ්වාසදායකද?යන කාරණය පිළිබඳවද ඔවුන්ගේ දැඩි අවධානය යොමු වී ඇති බව සඳහන්.

එමෙන්ම යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කළේ යුද්ධය මහාද්වීපයේ පොසිල ඉන්ධන "අවදානම" අනාවරණය කළ බවයි.

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

එමෙන්ම මෑතකදී ජර්මානු රජය 2011 දී න්‍යෂ්ටික බලාගාර ඉවත් කිරීමට තීරණය කළ විට ඇය එහි අමාත්‍යවරියක් බව අමතක කරමින් යුරෝපය පුළුල් ආකාරයට න්‍යෂ්ටිකයට පිටුපා සිටීම "උපායමාර්ගික වැරැද්දක්" වශයෙන් විස්තර කර තිබෙනවා.

1990 දී යුරෝපය න්‍යෂ්ටික බලයෙන් තම විදුලියෙන් තුනෙන් එකක් පමණ නිෂ්පාදනය කළ අතර එය දැන් සාමාන්‍ය 15% දක්වා පහත වැටී තිබෙනවා.

මහාද්වීපය "මිල අධික සහ වාෂ්පශීලී ආනයන මත සම්පූර්ණයෙන්ම යැපෙන" පොසිල ඉන්ධන මත තබමින්, ලෝකයේ අනෙකුත් කලාප හා සසඳන විට යුරෝපය අවාසියකට ලක් කරන බවද ඇය සඳහන් කළා.

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

මේ අතර ප්‍රතිපත්ති සම්පාදකයින් අනතුරු අඟවන්නේ ඉදිරියේදී බලශක්තිය අර්බුදය බොහෝ නරක අතට හැරිය හැකි බවටයි.

එසේම ඔවුන් උපකල්පනය කරන්නේ මැද පෙරදිග ඊළඟට සිදුවන දේ මත පදනම්ව බලශක්ති අර්බුදය ගමන් කරනු ඇති බවයි.

මේ අතර රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුද්ධයද බලශක්ති පිරිවැය ඉහළ යාමට යම් බලපෑමක් සිදුකර ඇති බව සඳහන්. එනිසා බලශක්ති ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව යුරෝපය තුළ යළිත් හටගෙන ඇති බව වාර්තා වේ.

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

යුධ ගිනි ඇවිලෙයි - ඊශ්‍රායලයෙන් ඉරානයට හා ලෙබනනයට ප්‍රහාර මාලාවක් - තත්ත්වය දරුණුයි

යුධ ගිනි ඇවිලෙයි - ඊශ්‍රායලයෙන් ඉරානයට හා ලෙබනනයට ප්‍රහාර මාලාවක් - තත්ත්වය දරුණුයි