රටපුරා බාර් රැසක් විවෘත වේ
පෙර රජයේ සමයේ නිකුත් කළ බලපත්‍ර අනුව ශ්‍රීපාද නල්ලතන්නිය සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල සහ මාර්ග අභියස නව මත්පැන්සල් කිහිපයක් පසුගිය මාස කිහිපයේදී විවෘත කර ඇත.
තවත් මත්පැන්සල් විවෘත කිරීමටද සැලසුම් තිබෙන අතර, එක නගරයක මත්පැන්සල් ගණන සිල්ලර වෙළදසැල් සංඛ්‍යාවට සමාන බව වතුකම්කරුවන් පෙන්වා දෙති.
වතුකම්කරුවන් පවසන්නේ, මෙම මත්පැන්සල් විවෘත වන්නේ වතුකර තරුණයන් ඉලක්ක කර ගනිමින් බවත්, එය ඔවුන්ගේ ආර්ථික තත්වය නරක වීමට හේතුවන බවත්ය. මත්පැන් බලපත්‍ර හිමියන් ඉහළ කුලී ගෙවමින් ගොඩනැගිලි භාවිතයට ගන්නා බවද ඔවුන් කියති.