වතු කම්කරු දෛනික වැටුප ඉහළට
වතුකම්කරු දෛනික අවම වැටුප 2026 ජනවාරි සිට රු පියල් 1550ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ පැවසුවේ 2026 අයවැය යෝජනා ඉදිරිපත් කරමින්.
එහිදී ජනපතිවරයා කියා සිටියේ වතුකම්කරුවන්ට දිරිදීමනාවක් වශයෙන් රු. 200ක පැමිණීමේ දිරිදීමනාවක් රජයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.