වැඩි කරපු වැටුපට බාල්දි පෙරළන හැමෝටම දේවසාප - පොල් ගහන වතු කම්කරුවන්

Report

වසර ගණනාවකට පසු තමන්ට රජයෙන් වැඩි කල රු.200 වැටුපට විරෝධය පළ කරමින් කටයුතු කරන පාර්ශවයන්ට දේව සාපය ලබා දෙන ලෙස පවසමින් නුවරඑළිය ප්‍රදේශයේ වතුකම්කරුවන් අද (13) දින කෝවිල්වල පූජා පවත්වමින් පොල් ගසන බවට වාර්තා විය.

ඒ අනුව පොල් ගැසීමට කෝවිලට එක් වූ වතු කම්කරුවන් කියා සිටියේ රට පාලනය කළ සෑම දේශපාලඥයෙකු වතුකරයේ ජනතාව පිළිබදව අවධානය යොමු කළේ මැතිවරණ කාලයේ පමණක් බවයි.

එහෙත් වත්මන් රජය වතුකම්කරුවන්ගේ ජීවන් තත්වය ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක එයට විරුද්ධවන පාර්ෂවයන්ට එරෙහිව තමන් කොවිල්වලට පැමිණ මෙසේ පූජා පවත්වා පොල් ගැසූ බව ඔවුන් සඳහන් කළා.  

වතුකම්කරුවන්ගේ වැටුපට බාල්දි දාන්න ආවට දිගම්බරම් නාමල්ගේ කනේ ඇඟිලි ගහගන්නම කියයි

වතුකම්කරුවන්ගේ වැටුපට බාල්දි දාන්න ආවට දිගම්බරම් නාමල්ගේ කනේ ඇඟිලි ගහගන්නම කියයි

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පලනි දිගම්බරම් මන්ත්‍රීවරයාද මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයට ආණ්ඩුවට ස්තූතිය පළ කර සිටියා.

එසේම මේ සඳහා විරෝධය පාන දේශපාලකයන්ගේ නම්ද සඳහන් කරමින් ඔහුද ඊට විරෝධය දක්වා සිටියා.

රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදයට අලුත්ම යෝජනාවක්

රාජ්‍ය සේවයේ වැටුප් අර්බුදයට අලුත්ම යෝජනාවක්

දෙසැම්බර් 6 වෙන්න යන විනාසේ

දෙසැම්බර් 6 වෙන්න යන විනාසේ