වතු කම්කරු වැටුප රු.1700 දක්වා වැඩි කිරීමේ තීරණය ගැන ඉඟියක්

Report

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, රටේ ප්‍රධාන වැවිලි සමාගම් 23ට උපදෙස් දී ඇත්තේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීම සම්බන්ධ අවසන් තීරණය ඔක්තෝබර් 07 වැනිදා ලබා දෙන ලෙසයි.

මෙම උපදෙස් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ලබා දී ඇත.

වත්මන් රුපියල් 1350ක දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමෙන් වැවිලි සමාගම්වලට රුපියල් බිලියන 12ක මූල්‍ය අලාභයක් සිදුවන බව සමාගම් නියෝජිතයෝ අමාත්‍යවරයාට දන්වා ඇත. එහෙත්, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මෙම වැටුප් වැඩිකිරීම ඉදිරිපත් වී ඇති බැවින්, එය ක්‍රියාත්මක කළ යුතු බවත්, වැටුප් වැඩි නොකළහොත් කම්කරුවන් රඳවා ගැනීමට නොහැකි වීමෙන් මුළු වැවිලි කර්මාන්තයම කඩාවැටීමේ අවදානමක් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

සාකච්ඡාවේදී හෙළි වූයේ, වසර 20කට පෙර වතු කම්කරුවන් තුන් ලක්ෂයකට වඩා සේවයේ යෙදී සිටි නමුත්, මේ වන විට එම සංඛ්‍යාව ලක්ෂයකටත් අඩු මට්ටමකට පහත වැටී ඇති බවයි. මෙම තත්ත්වය වැවිලි කර්මාන්තයේ බරපතල අර්බුදයක් පිළිබිඹු කරන අතර, වැටුප් වැඩිකිරීම තුළින් කම්කරුවන් රඳවා ගැනීමේ අවශ්‍යතාව රජය අවධාරණය කරයි. 

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යවල 'අයිස්' ඇති බවට තහවුරු වෙයි

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යවල 'අයිස්' ඇති බවට තහවුරු වෙයි

2026 අවුරුද්දේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින මෙන්න

2026 අවුරුද්දේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින මෙන්න

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා