ප්‍රධානතම අත්‍යවශ භාණ්ඩ කිහිපයක මිල ඉහළට..?

milk powder cement flour bandula gunawardhana gan
By Sewvandhi Sep 27, 2021 01:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බව  සඳහන් කළා.

කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද,කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද,තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් ද සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වන බව පුවත්පත් වාර්තාවල සඳහන්.

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24)පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වී ඇති අතර, එහි වාර්තාව කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද එහි දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් දිනපතා පුවත්පතක් කළ විමසීමකදී අදහස් දැක්වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජීවන වියදම් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.

====================

You may like this video

පාසල් විවෘත කරන්න වෙන්නේ නෑ -හේතුව මෙන්න-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now